March 28, 2024

කොණ්ඩෙ ගැට ගහලා කිලෝමීටරයක් දුරට වෑන් රථයක් ඇද ගිනස් වාර්තාවක් තබයි (PHOTOS)

යාපනයේ පුන්නාලකට්ටවාන් ප්‍රදේශයේ පනස් හතර හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ කොණ්ඩයෙන් කිලෝ මීටරයක් දුරට වෑන් රථයක් ඇද ගෙන ගොස් 14 දා ගිනස් වාර්තාවක් තබා තිබේ.

සෙල්ලයිය්යා තිරුසෙල්වම් නැමති මොහු යාපනයේ පුන්නාලකට්ටවාන් ප්‍රදේශයේ පිහිටි සිත්ති විනයාගර් කෝවිලේ 43 වෙනි වාර්ෂික මංගල්ලය පැවති දිනය මේ සදහා තෝරා ගෙන තිබුණි.

යාපනය පලාලි මාර්ගයේ එම කෝවිල අසල ඇති සිත්තිවිනයාගර් විද්‍යාලය ඉදිරිපිටින් මෙම වෑන් රථය කොණ්ඩයේ ආධාරයෙන් කිලෝමීටරයක් දුර නොනවත්වා ඇදගෙන ගොස් ගිනස් වාර්තාව පිහිටුවීමේ කාර්ය ආරම්භ කරණ ලදී.

එය සාර්ථකව ඉටු කිරීමෙන් පසුව සෙල්ලයිය්යා තිරුසෙල්වම් මාධ්‍යයට පවසා ඇත්තේ ඔහුගේ මීළග ඉලක්කය සිය කොණ්ඩයේ ආධාරයෙන් කිලෝ මීටර් දෙකක් දුරට ට්‍රක් රථයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීම බවයි.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)