April 16, 2024

ඉදි ආප්ප පාර්සලයේ පත්තෑයෙක් (PHOTOS)

යාපනය නගරයේ ආපන ශාලාවකින් උදෑසන ආහාරය ගත් පුද්ගලයෙකුගේ ඉදිආප්ප පාර්සලය තුල විශාල පත්තෑයෙකු සිටි බවට එම පුද්ගලයා යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

යාපනය නගරයේ ප්‍රසිද්ධ අවන්හලකින් මෙම උදෑසන ආහාරය ඔහු මිලදී ගෙන ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඒ තුල සිටි පත්තෑයා දැක තිබේ.

අනතුරුව එම වෙළෙද සැල වෙත ගොස් සිද්ධිය පිළිබදව දැණුම් දුන් අවස්ථාවේදී වෙළද සැලේ පිරිසක් ඔහුට පහර දීමට තැත් කල බව ද වාර්තාවේ.

මේ සිද්ධියට මුහුණ දුන් තැනැත්තා ඇතිවූ කම්පනය මත ඒ අවස්ථාවේදීම වමනය කරන්නට පටන් ගෙන ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත පැමිණිල්ල ඉදිරිපත් කරන විටත් ඔහු වමනය කොට තිබේ.

යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)