April 24, 2024

මිය ගිය කොටියාගේ පාද හතරම කපාගෙන යයි - උගුල ඇටවූ දඩයම්කරුවන් සොයා මෙහෙයුම් (PHOTOS)

හැටන් පොලිස් වසමට අයත් හැඩිලි වතුයායේ තේ වත්තේ අටවා තිබූ මන්දකට හසුවී මියගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත යොමු කළ බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය.

එම වතුයායේ තේ වත්තක් මැද දඩයම්කරුවන් විසින් අටවා තිබූ උගුලකට හසුවී මියගිය පැස්තරා පාදුස් නැමති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වදවීමේ තර්ජනයකට ලක්වී ඇති ශ්‍රී ලංකන් කොටියා අවුරුදු (14) ක පමණ වයසැති අඩි පහක් පමණ දිගකින් යුක්ත පිරිමි සතෙකු බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.

එම වතුයායේ තේ දළු නෙලමින් සිටී වතුකම්කරුවන් පිරිසකට උගුලට හසුවී මියගිය කොටියාගේ සිරුර ඊයේ (02) හමුවී තිබුණි.

එම කොටියාගේ පාද හතරම කපා ගෙන ගොස් ඇති අතර කොටියාගේ මුඛයේ දත් හතරක් ඔවුන් විසින් ගලවාගෙන ගොස් ඇති බව සත්ව අඩවි ආරක්ෂක නිලධාරියා කියා සිටියේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)