April 19, 2024

කොලොන්නාවේ සිරි සුමංගල හිමියන් සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව (VIDEO)

දෙව්රම් මහා විහාරයේ වාර්ෂික මැදින් මහා පෙරහැර මංගල්‍යය 11 වෙනි වරටත් මාර්තු මස 20 වන දින සිට 31 වෙනි දින දක්වා පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කොට ඇත.

පරිවාර පෙරහැර 03 අවසානයේ දී මහා පෙරහැර ලෙස ති‍්‍රවිධ රත්නය වෙනුවෙන් උපහාර පුදන තෙරුවන් ගුණ මහා පෙරහැරත් බුදු දෙමාපියන් ප‍්‍රධාන සමස්ථ මව්පියවරුන් වෙනුවෙන් උපහාර පුදමින් මොලොව පහල වූ පුණ්‍යවන්තම දෙමාපියන් වන සුද්ධෝදන මහාමායා දෙපළ පෙරමුණේ තබාගෙන පැවැත්වෙන සුද්ධෝදන මහාමායා පෙරහැරත්, ලක් පොළෝ තලය සුරක්ෂිත කරන්නටත් රටවැසි ජනතාව සුඛිත මුදිත කරන්නටත් දිවි හිමියෙන් කැප වී මහා රාවණ රජු ප‍්‍රධාන රජවරුන් අනුස්මරණය කරමින් මහා රාවණ රජතුමා පෙරටුකොට හෙළ මහා රජ පෙරහැරත්, ලෙසිත් පෙරහැර 03 ක එකතුවක් ලෙස මැදින් මහා පෙරහැර මාර්තු මස 24 වන දින පැවැත්වේ.

ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප පන්නිපිටිය ශ‍්‍රී දෙව්රම් මහ වෙහෙර නිර්මාතෘවර ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)