March 29, 2024

හිර ගෙදර සිට මවගේ මළ ගමට ආ තාත්තා සමඟ බන්ධනාගාර බසයට ගොඩ වූ දියණියගේ දුක් මුසු කතාව

කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයේ ජීවිතාන්තය දක්වා සිරගතව සිටින පුද්ගලයෙකුගේ බිරිඳ මිය යාමෙන් පසුව බිරිඳට අවසන් ගෞරව දැක්වීමට එම පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් විසින් අවස්ථාව සලසා තිබූ අතර එම අවසන් ගෞරව දැක්වීම මහත් සංවේදී අවස්ථාවක් විය.

ආනන්ද සුදාකර් නැමති පුද්ගලයා මේ වන විට 2008 වසරේදී කොලඹ බෝම්බ තැබීමේ සිද්ධියකට වරද ජීවිතාන්තය දක්වා සිරගතව සිටින අතර පසුගිය 16 වනදා ඔහුගේ බිරිඳ වූ ආනන්ද සුදාකර් යෝගරාණි හදීසි අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර ඊයේ (18) දින ඇයගේ අවසන් කටයුතු මරදනගර් නිවසේදී පැවත්වුණි.

සිය බිරිඳගේ අවසන් කටයුතු දැක බලා ගැනීමට අවස්ථාව ලබා දෙන මෙන් ආනන්ද සුදාකර් විසින් බන්ධානාගාර නිලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම අවස්ථාව සැපයීමට බන්ධනාගාර නිලධාරීන් විසින් අවස්ථාව සලසා දී තිබුනේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය.

කෙසේ වෙතත් සිය බිරිඳට අවසන් ගෞරව කිරීමට පැමිණී ආනන්ද සුදකර් හා වැලපුනු අවස්ථාව කාගේත් නෙතගට කඳුලු ඉනූ අතර ඔහු නැවත පොලිස් ආරක්ෂාව යටතේම බන්ධනාගාරය වෙතට රැගෙන යන ලදි.

මෙහිදී ආනන්ද සුදකර් හට ළමුන් දෙදෙනෙකු සිටින අතර ළමුන් සමග මද වෙලාවක් කාලය ගත කිරීමටද බන්ධනාගාර නිලධාරීන් විසින් ඉඩ අවස්ථාව සලසා දී තිබුණු අතරම සිය බිරිඳගේ අවසන් කටයුතු සිදුකොට ආනන්ද සුදකර් නැවත බන්ධනාගාර බස් රථයට ගොඩවන අවස්ථාවේදී එක් දියණියක් දිව ගොස් බන්ධනාගාර බස් රථයටද ගොඩ වී පියාගේ අතේ එල්ලී හඩා වැලපීම මහත් සංවේදී අවස්ථාවක් විය.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් දියණියව ඥාතීන් හට බාර දේද්දි ආනන්ද සුදාකර්ද නැවත බන්ධනාගාරයට ගියේ හැඩූ කඳුලෙනි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)