April 25, 2024

අවුරුදු 2ක පුංචි දියණිය සීයාගේ ත්‍රිරෝද රථයෙන් විසි වෙයි

තම සීයාගේ ත්‍රීරෝද රථයට යට වී අවුරුදු 2 හමාරක් වයසැති මිණිබිරිය මියගොස් ඇති බව අරලගන්විල පොලීසිය පවසයි.

පෙරේදා (14) රාත්‍රී 8.45 පමණ මෙම අවාසනාවන්ත අනතුරෙන් මිය ගොස් ඇත්තේ මනම්පිටිය ප්‍රදේශයේ ජීවත් වු ඔලිනා ප්‍රභානි විජේබණ්ඩාර නැමති කුඩා දැරියක් බව පොලීසිය සඳහන් කරයි.

අනතුරට හේතුව නොසැලකිලිමත්ව රිය පැදවීම බවත් සිද්ධියට සම්බන්ධ සැකකරු 63 වියැති මිය ගිය ගිය දැරියගේ සීයා මේ වන විට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

තම සීයාගේ ත්‍රීරෝද රථයට යට වී අවුරුදු 2 හමාරක් වයසැති මිණිබිරිය මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  63 හැවිරිදි අදාළ පුද්ගලයා ඇප මත නිදහස් කර තිබේ.

සැකකරු ඊයේ (15) දින  පොළොන්නරුව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 5000 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත අදාළ පුද්ලගයා මුදාහැර තිබේ.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටත් මියගිය දැරියගේ සීයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරන්නේ වී වේලීම සඳහා ටෙන්ට් එකක් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී අදාළ අනතුර සිදුවූ බවත් දැරිය ත්‍රීරෝද රථයට ගොඩවී සිටි බව තමන් දැන නොසිටි බවයි.

කෙසේ වෙතත් දැරිය මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දැරිය මියගොස් තිබේ.

 

Rate this item
(0 votes)