March 29, 2024

නෙල්සන් මැන්ඩෙලාගේ පිළිරුවක් යාපනයට

දකුණු අප්‍රිකානු මහ රජයේ මහ කොමසාරිස් රොබිනා පී.මාක්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවිය.

එහිදී ඒ මහත්මිය සමඟ දෙරට අතර සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් සහ ආගමික සහජීවන වැඩසටහන් පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා කළ අතර යාපනය නගරයේ නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට රොබිනා පී.මාක්ස් මහත්මිය විසින් යෝජනා කෙරිණි.

නෙල්සන් මැන්ඩෙලා යනු සාමයේ සංකේතය බවත් එය සමස්ථ ලෝකවාසීන්ගේ මතය බවත් සියලුදෙනාම එතුමන්ගේ චරිතය පිළිගන්නා බවත් මෙහිදී ඒ මහත්මිය ප්‍රකාශ කළේය.

සාමයේ සංකේතය වන නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ප්‍රතිමාවක් යාපනය නගරයේ ස්ථාපිත කිරීමට යෝජනා කිරීම පිලිබඳ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මහ කොමසාරිස්වරිය වෙත විශේෂ ස්තූතියක් ද පුද කරනු ලැබූ අතර ඒ මහත්මිය ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම ජනවර්ගයක්ම නියෝජනය වන පරිදි දූත කණ්ඩායමක් තම රටට පැමිණ ඔවුන්ගේ ජිවන රටාව නිරීක්ෂණය කර එහි සාමයේ පණිවිඩය ලංකාවට රැගෙන එන ලෙසටද ඇය ඉල්ලා සිටියාය.

Rate this item
(0 votes)