April 20, 2024

මඩකලපුවේ මංගලාරාමයේ විහාරාධිපති හිමියන් බැහැදකින්න ජනපති යයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් වෙනුවෙන් ගුරුපත්වීම් ලබාදීමේ උත්සවයට පසුගිය 03 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී පැවැත්විණ.

එම උත්සවය නිමවී ජනාධිපතිවරයා පැමිණියේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයටය.

කොටි ත්‍රස්තවාදය සමයේදී මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට තිබු වටිනා පන්සලක් ලෙස මංගලාරාම විහාරස්ථානය හැදින්විය හැකිය. පසුව 2014 දී එම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි සිදුවීමක් නිසා මෙම මංගලාරාම විහාරස්ථානය කෙරෙහි ජනතාවගේ දැඩි අවධානයක් යොමුවිය. එවකට විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සෘජුවම බැන වැදුන විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් කියා සිටියේ මඩකලපුවට තිබෙන එකම පන්සලේ විදුලිය කැපීමට එවකට රජය ක්‍රියා කල බවය.

පසුව මඩකලපුවේ ඇති වූ තවත් සිදුවීමක් හේතුවෙන් එවකට අමාත්‍යවරයෙකු හා කොටි හිටපු නායකයෙකු වූ කරුණා අම්මාන් ලඟද ඉතා අසරණ වීමට විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේට සිදුවිය.

මඩකලපුවේ වෙසෙන සිංහල බෞද්ධ ජනතාවට පමණක් නොව අනෙකුත් ජාතීන්ටද මහත් අස්වැසිල්ලක් වූ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයටය පසුගිය 03වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණීම විහාරාධිපති හිමියන්ට මහත් සතුටක් ගෙන දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක්ද විමසීය.

Rate this item
(0 votes)