June 19, 2018

ශ්‍රී දේවිගේ ආදාහන කටයුතු අද - සුපිරි තරු රැසක් හා ඇයගේ රසික රසිකාවියන් නිවසට (PHOTOS)

නැසීගිය බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ දේහය ඇගේ මරණයෙන් දින තුනකට පසුව ඊ‍යේ (27) රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි නුවර වෙත රැගෙන එන ලදී.

ඇය අවසන් හුස්ම හෙලූ ඩුබායි සිට විශේෂ පෞද්ගලික ජෙට් යානයකින් ඇගේ නිසල දේහය සමග ඇගේ ස්වාමි පුරුෂයා වූ බොනී කපූර් මෙන්ම, ඥාති පුත්‍රයෙකු වූ අර්ජුන් කපූර්ද මුම්බායි වෙත පැමිණියහ.

ගුවන් තොටුපොළෙහි සිට ඇගේ දේහය රැගත් ගිලන් රථය පිටතට පැමිණෙන විට විශාල ජනතාවක් ඇයට ගෞරව දැක්වීම සඳහා පෙළගැසී සිට ඇති අතර, විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා වාර්තා කරයි.

ශ්‍රීදේවියගේ මරණය සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය අවසන් කරමින් එම දේහය ඥාතීන්ට භාරදීම ඩුබායි පොලීසිය විසින් ඊයේ (27) සවස් කාලයේදී සිදුකරන ලදී.

ඇගේ මරණය ඩුබායි හි විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූවක් බව මුලින් වාර්තා විය. කෙසේ වෙතත්, 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවිගේ මරණය ඇය රැඳී සිටි හෝටල් කාමරයේ ටබ් එක වෙතට සිහිසුන්ව ඇද වැටීමෙන් අහඹු දියේ ගිලීමකින් සිදුවූවක් බව හදිසි මරණ පරීක්ෂණයෙන් කියවුණි.

මේ අතර, ශ්‍රීදේවියගේ පවුලේ අය සමග කනගාටුව බෙදා හදා ගැනීමට ඉන්දීය සිනමාවේ දැවැන්ත තරු රැසක් ඇගේ දියණියන් දෙදෙනා රැඳී සිටින, ඇගේ මස්සිනා වූ අනිල් කපූර්ගේ නිවසට වරින් වර පැමිණි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 February 2018 11:29