April 19, 2024

“The Peeping Frogs of Nuwara Eliya” උභයජීවීන් දෙස නව මානයකින් බැලීමට ඇරයුම් (PHOTOS)

February 23, 2018

පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න මහතා විසින් රචිත “The Peeping Frogs of Nuwara Eliya” කෘතිය පසුගිය 21 වනදා ජනගත කෙරිණි.

දිවයිනේ ප්‍රමුඛතම සංචාරක පහසුකම් සපයන්නෙකු වන ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත් Jetwing St. Andrew'sහි නේවාසික පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න මහතා විසින් රචිත “The Peeping Frogs of Nuwara Eliya” කෘතිය ශ්‍රී ලංකාවේ උභය ජීවි සම්පත දෙස නව මානයකින් බැලීමට, ඒ පිලිබඳ උනන්දුවක් දක්වන සියලුදෙනාට අත්වැල් සපයන කෘතියක් වශයෙන් හැඳින්විය හැකිය. වසර 6කට අධික කාලයක් ජෙට්වින්ග් සේනත් ඇන්ඩෘස්හි නේවාසික පරිසරවේදීයා වශයෙන් කටයුතු කරමින් ඔහු විසින් උභයජිවින් සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රවීණතා තුළින් උභයජිවින් අධ්‍යන ක්ෂේත්‍රයට අත්පොත් තබන ඕනෑම තරාතිරමක අයෙකුට ඒ සඳහා උපයෝගී කර ගත හැකි කෘතියක් වශයෙන් “The Peeping Frogs of Nuwara Eliya” කෘතිය නිමවා ඇත.

මෙරට දිවිගෙවන උභයජිවින්ගේ ජිවන චක්‍රය, අභිජනනය, ආහාර පුරුදු, ගෙම්බන් හා මැඩියන් අතර වෙනස්කම් වැනි කරුණු වලින් ඇරඹෙන මෙම කෘතියේ තොරතුරු ගොන්නට උභයජිවින්ගේ වැදගත්කම, ඔවුන්ට ඇති තර්ජන, උභයජිවි සංරක්ෂණය වැනි ක්ෂේත්‍රද ඇතුළත් කිරීමට ඉෂාන් කටයුතු කර ඇත. ඒ මතුද නොව උභයජීවී අධ්‍යනයට පාදක කොට ගත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජිවත් වන සියලුම උභයජීවීන් හඳුනා ගැනීමට වැදගත්වන සුපැහැදිලි වර්ණ ජයාරූප ඇතුලත් මාර්ගෝපදේශයක්ද මෙම කෘතියට ඇතුළත් කිරීමට ඉෂාන් කටයුතු කර තිබීම ඉතා වැදගත්ය.

Rate this item
(0 votes)