April 20, 2024

හිමි නමක් සූර්ය බලයෙන් ධාවනය වන රථයක් නිපදවයි

February 23, 2018

බණ්ඩාරවෙල, කිතල්ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රත්මල්කන්ද ආරණ්‍ය සේනානාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් වන ලද  නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ.

සූර්ය ශක්තිය, විභව ශක්තිය, ප්‍රතිප්‍රාප්තිය මූල ධර්ම හා විද්‍යුත් ප්‍රතිගාමක බලය උපයෝගී කරගෙන මෙම නිපැයුම සිදු කළ බව උපාලි හිමියෝ පවසති.

මෙය සූර්ය ශක්තියෙන් ක්‍රියා කරන බවත්, ධාවනයේදී ඇති විභව ශක්තිය හා තිරිංග යෙදීමේ ක්‍ෂය වන චාලක ශක්තියද නැවත විද්‍යුත් ශක්තිය බවට හරවා එම ශක්තිය නැවත බැටරිය වෙතම ගබඩා කර භාවිතයට ගැනීම මෙහි විශේෂත්වයක් බව ද උන්වහන්සේ සඳහන් කරති.

දැනට ලෝකයේ බරපතල ප්‍රශ්නයක් වන ගෝලීය වායු දුෂණයට හා උණුසුම්කරණයට ඍජුව බලපාන කාබන්ඩයොක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ් ආදී විෂ වායු පිට නොකිරීම මෙම රථයේ ඇති තවත් විශේෂත්වයකි.

ඇවිදීමේ අපහසුතාවන් ඇති සියලුදෙනාට, ව්‍යාපාරික පරිශ්‍රයේ නිතර එහාමෙහා ගමන් කරන නිලධාරීන්ට හා කාර්යමණ්ඩලයට මෙම රථය මනා පිටිවහලක් වන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

සාමාන්‍ය ගමනාගමනයට වුවද, වියදම් රහිතව මෙම රථය යොදාගත හැකිය. උපරිම වේගය පැයකට කිලෝමීටර් 30කි. පුද්ගලයින් දෙදෙනෙකුට මෙහි පහසුවෙන් ගමන් කළ හැකිය.

පැවිදි වීමට පෙර උන්වහන්සේ විද්‍යා ගුරුවරයෙකි. තම ආරණ්‍ය සේනාසනයේ සිට විවිධ පර්යේෂණවල යෙදෙන උපාලි හිමියන් චතුර ධර්ම දේශකයාණන් වහන්සේ නමක ලෙසද ප්‍රකටය.

DSC_0824 copy

Rate this item
(0 votes)