April 18, 2024

සැමියා නිසා දෙදරු මවට අත් වූ අවාසනාවන්ත ඉරණම (PHOTOS)

February 15, 2018

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී දෙදරු මවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කොට තිබියදී ඊයේ(14) සවස සොයා ගත් බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

මිය ගිය දෙදරු මව වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි බාස්කරන් නිරේෂා වන අතර ඇය මිය ගොස් සිටියේ ඇයගේම නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදීය.

මිය ගිය කාන්තාවගේ සැමියා සමග පසුගිය කාලයේ නිතර ආරවුල් සිදුව ඇති බවටත් එම ආරවුල් සැමියාගේ අනියම් පෙමක් නිසා සිදු වූ හෙයින් සැමියා විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත් අදාල ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ සැමියා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කිලිනොච්චිය පොලීසියට මේ වන විට රැගෙන ගොස් ඇති බවට පරික්ෂණ කටයුතු සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)