April 18, 2024

පද්මාවත් නිසා ඉන්දියාව කැළඹෙයි - දීපිකා ඇතුළු පිරිසට දැඩි ආරක්ෂාවක් (PHOTOS)

හින්දු පුරාවෘතවල එන පද්මාවතී රැජින පාදක කොට ගනිමින්  සන්ජේ ලීලා බන්සලි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ “පද්මාවත්” චිත්‍රපටය අද එළිදැක්වූවා.

කෙසේ නමුත් ඉදියාවේ ප්‍රාන්ත කිහිපයක්ම පද්මාවතී ප්‍රදර්ශනය තහනම් කොට තිබීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම චිත්‍රපටය ඇතැම් සිනමා ශාලා විසින් ප්‍රතික්‍ෂේප කර තිබුණි.

යම් පිරිසක් විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති චිත්‍රපට ශාලාවල ඇති පෝස්ටර් ඉරා දමා විනාශ කර තිබූ බව ද ඉන්දියානු පුවත් වාර්තා කර සිටියි.

මේ ආකාරයෙන් තවමත් මෙම චිත්‍රපටයට විරෝධය මතුව තිබේ.

සිනමාපටය මඟින් පද්මාවතී රැජිනගේ චරිතය විකෘති කොට ඇති බව බොහොමයක් හින්දු ජාතිකයන්ගේ මතය විය.

රථවාහනවලට පහරදීම්, කඩසාප්පු ගිනි තැබීම් ඇතුළු සිද්ධීන් රැසක් වාර්තා වී ඇති බවත් පාසල් බස් රථයකට ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ දිල්ලියේ පාසල් රැසක්ද අද වසා ඇත.

දීපිකා ඇතුළු පිරිස ආරක්ෂාව මැද පිටතට ගෙන ගොස් ඇත.

Rate this item
(1 Vote)