April 20, 2024

ශ්‍රී පාද අඩවියේ කළු ගලක අත්භූත පා සටහනක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප්‍රදේශයේ රක්ෂිතයක් තුල විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමු වී ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.

ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක්ෂිතයක විශාල කලු ගලක් මත පෙරේදා (20) මෙම පා සළකුණ වතු කම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර කර තිබේ.

එම පා සළකුණ සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බව මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Monday, 22 January 2018 16:17