April 19, 2024

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය තරුණයින්ට වුණ දේ (PHOTOS)

කේරල ගංජා ලග තබා ගනිමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිනව දෙනෙකු හැටන්, වටවල, ගිනිගත්හේන යන පොලිස් ස්ථාන මගින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන ඊයේ (21) හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අද (22) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සැකකරුවන් අතරින් විසිදෙදෙනෙකු හැටන් පොලිස් කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හැටන් පොලිස් සුනඛ අංශයේ කෝරා සුනඛයාගේ සහයෝගය ලබා ගනිමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ගිනිගත්හේන පොලිසිය මගින් සැකකරුවන් සිව්දෙනෙකු හා වටවල පොලිසිය මගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණ

මෙම සැකකරුවන් කොළඹ හංවැල්ල පිලිමතලාව මහරගම හොරණ අවිස්සාවේල්ල සහ කළුතර යන ප්‍රදේශවල පදිංචි අවුරුදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පැවසුවේය.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන විට මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන නොයන ලෙස ආරක‍ෂක අංශ විසින් වන්දනාකරුවන් දැනුවත් කර තිබේ.

එසේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන එන වන්දනාකරුවන් ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දිවා සහ රාත්‍රී කාලයේ රාජකාරියේ යොදවා තිබේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)