April 25, 2024

පිඹුරන් පස් දෙනෙකු එක තැන සිටින දුර්ලභ ඡායාරූපයක් (PHOTOS)

කාලයක් තිස්සේ මුලටියන රක්ෂිතයේ පිඹුරන් සිටින බව වාර්තා වී තිබු අතර මාතර, මුලටියන රක්ෂිතයේ පාමුල කුඩාපාන ප්‍රදේශයේ අති දුර්ලභ දර්ශනයක් ලෙස පිඹුරන් පස් දෙනෙකු එකම ස්ථානයේ රැදි සිටින බවට ලැබුණු තොරතුරක් අනුව හම්බන්තොට, කලමැටිය වන ජිවි කාර්යාලයේ නිලධාරීන් පෙරේදා (17) හවස එම ස්ථානයට ගොස් පිඹුරන් ඇල්ලීමට ගිය අතර විශාල පැරණි ළිඳක්

 ඇතුලත මේ පිඹුරන් සිට තිබේ.

පසුව වනජිවි නිළධාරින් විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව අඩි 15 පමණ

දිග දැවැන්ත පිඹුරෙකු අල්ලා ගැනිමට හැකි විය. විශාල පරිශ්‍රමයක් දැරිමෙන් අනතුරුව මේ පිඹුරා අල්ලා ගැනීමට හැකි වී තිබේ.

පසුව වන ජිවි නිළධාරින් විසින් මේ පිඹුරා හම්බන්තොට,බුන්දල රක්ෂිතයට ගෙන යන ලදි. මුලටියන රක්ෂිතය ආශ්‍රිතව විශාල වශයෙන් පිඹුරන් සිටින බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

(මාතර කැලුම් බෝධිමාන)

Rate this item
(0 votes)