April 25, 2024

කළුතර බෝධිය වැඳ පුදාගෙන එද්දී යතුරුපැදිය අතුරුදන්

කළුතර බෝධිය අසල යතුරුපැදිය නතර කළ පුද්ගලයකු බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආපසු එන විට කිසිවකු විසින් යතුරුපැදිය සොරාගෙන ගොස්‌ ඇතැයි පොලීසිය පවසයි.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යාල සේවකයකු වන කුඩා වස්‌කඩුවේ පදිංචි මනතුංග චන්දික ලක්‌මාල් සිල්වා අවු. 25 යන අය කළ පැමිණිල්ල අනුව මෙම පරීක්‍ෂණ පැවැත්වේ.

සිද්ධිය වූ දින රාත්‍රි 7 ට පමණ මිතුරකු සමග පැමිණි තමා කළුතර බෝධිය වැඳ පුදාගෙන රාත්‍රි 7.50 ට පමණ පැමිණ බලන විට යතුරුපැදිය අතුරුදන්ව තිබූ බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

දකුණු කළුතර පොලිසිය බෝධිය අසල සවිකර ඇති ආරක්‍ෂිත කැමරා පද්ධතීන්ද නිරීක්‍ෂණය කරමින් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

Rate this item
(0 votes)