April 19, 2024

බිරිඳ රිමාන්ඩ් කරද්දී වික්ටර් රත්නායකත් යයි (VIDEO)

උකස්‌ කරන ලද රුපියල් දොළොස්‌ ලක්‌ෂ අසූ දහසක්‌ වටිනා රන් ආභරණ තොගයක්‌ වෙනුවට ව්‍යාජ ආභරණ මාරුකිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප්‍රවීණ ගායන ශිල්පී වික්‌ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය මේ මස 17 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහී විඡේවීර මහතා ඊයේ (09) තංගල්ල මහේස්‌ත්‍රාත් උසාවියේදී නියෝග කළා.

හෂිනි රත්නායක මහත්මිය තංගල්ලේ රාජ්‍ය බැංකුවක උකස්‌ අංශයක සේවය කරමින් සිටියදී ඉකුත් 2016 වර්ෂයේදී මෙම රණ්‌ භාණ්‌ඩ තොගය භාරගෙන තිබුණා. තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම රණ්‌ භාණ්‌ඩ උකස්‌ තැබූ අතර ඊට මාස කීපයකට පසු එම භාණ්‌ඩ බැංකුවෙන් බේරාගෙන ඇත. රන් භාණ්‌ඩ තොගය බැංකුවෙන් ලබාගෙන ඒවා පරීක්ෂා කිරීමේදී ඒවා තමන් විසින් උකස්‌ තැබූ භාණ්‌ඩ නොවන බව හෙළිවී තිබේ. 
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට තංගල්ල පොලිසිය වෙත පැමිණෙන ලෙස හෂිනි රත්නායක මහත්මිය වෙත දැනුම්දීමක්‌ කර තිබුණා. ඒ අනුව රත්නායක මහත්මිය තංගල්ල පොලිසිය වෙත ඊයේ දහවල් පැමිණි අවස්‌ථාවේ ඇය අත්අඩංගුවට ගත් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළා.

ප්‍රවීණ ගායන ශිල්පී වික්‌ටර් රත්නායක මහතා සහ ඇය පසුපසින්ම යන ආකාරයක්ද දැකගන්නට හැකි විය.

Rate this item
(0 votes)