March 29, 2024

පෙර පාසල් දැරියක් පැහැර ගැනීමේ තැත වරදී - මවගේ වැඩක් දැයි සැකයක් (VIDEO)

කුරුණෑගල නගරයේදී පෙර පාසල් ගොස් එමින් සිටි දැරියක් පැහැර ගෙන යාමට ගත් උත්සහයක් ව්‍යාර්ථ කිරීමට ප්‍රදේශවාසීන් සමත් වී තිබේ.

කෙසේවෙතත් දැරියගේ පියා චෝදනා කරන්නේ පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයා හඳුනාගෙන ඇති නමුත් පොලීසිය මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

කුරුණෑගල විල්ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු තුනහමාරක් වන ඉන්හාරා විල්ලවආරච්චි දැරිය තම පියා සහ මිත්තණිය සමඟින් මෙම නිවසේ ජිවත් වෙනවා.

ඉකුත් 4 වෙනිදත් සුපුරුදු පරිදි පෙර පාසලට ගිය දැරිය පාසැල අවසන් වීමෙන් පසුව සිය මිත්තණිය සමඟ අසල පිහිටි වෙළඳසැලකට ගොස් තිබෙනවා. ඒ අවස්ථවේදී නාදුනන පුද්ගලයෙක් පැමිණ දැරිය පැහැරගෙන යාමට උත්සාහ දරන ආකාරය ඒ අසල පිහිටි වෙළඳසැලකට ගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේදී නාදුනන පුද්ගලයෙක් පැමිණ දැරිය පැහැරගෙන යෑමට උත්සාහ දරන ආකාරය ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබිණි.

පැහැර ගැනීමට පැමිණි පුද්ගලයා බිම ඇඳ වැටීමත් සමඟ ප්‍රදේශවාසීන් ඔහුට පහර දී දරුවා බේරා ගැනීමට සමත් විය.

බිම ඇඳ වැටීමෙන් දැරියගේ දකුණු අතේ අස්ථිය බිඳීමකට ද ලක්ව ඇති අතර ඇයගේ මිත්තනියද    තුවාල ලබා ඇත.

Rate this item
(0 votes)