July 22, 2018

දුම්රිය පාපුවරුවේ ගිය 20 හැවිරිදි තරුණයා මහවැලියට බිලි (VIDEO)

මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචි ඉන්දුල නවීන් කලන්සුරිය නැමැති 20 හැවිරිදි තරුණයා කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියෙන් මහනුවර දක්වා ගමන් කරමින් සිට තිබුණා.

කැරම් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකර ගත් ක්‍රීඩකයෙක් වන ඉන්දුල එලෙස සිය මිතුරා සමඟ යමින් සිටියේ කොළඹ පැවති කැරම් තරගාවලිකයකට සහභාගී වීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් දුම්රිය පාපුවරුවේ ගමන් ගත් ඔහු මහනුවර පැනිදිනිය කළු පාලමේ ගැටී පහතින් ගලා බසින මහවැලි ගඟට ඇඳවැටී තිබෙනවා.

මිය ගිය තරුණයාගේ මිතුරන් සහ ඥාතීන් එක්ව තරුණයාගේ සිරුර සෙවීමට උත්සාහ කර තිබුණද එම උත්සාහය අසාර්ථක වී තිබිණි. මහනුවර  පොලිස් ජිවිතාරක්ෂක අංශ නිලධාරීන් මහවැලි ගඟේ තිබී තරුණයාගේ මළ සිරුර සොයා ගනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 January 2018 12:46