April 24, 2024

උඩ බලං සරුංගල් යවමින් සිටි දරුවාට අත්වුණ අවාසනාවන්ත ඉරණම

යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් දරුවෙකු ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට ඇද වැටීමෙන් ඊයේ (06) සවස මියගොස් ඇති බවට අච්චුවෙලි පොලීසිය කියා සිටියේය.

අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි සතීස්කුමාර් ලික්ෂාන් නැමති 11 හැවිරිදි මෙම සිසුවා අච්චුවේලි රාමලිංගම් පාසලේ ඉගෙනුම ලබයි.

ඊයේ සවස මෙම පාසල් දරුවා සරුංගලයක් සමඟ සෙල්ලම් කරමින් සිට ඇති අතර සරුංගලය උඩ යැවීමෙන් පසුව සරුංගලය දෙස බලමින් පිටුපසට දිව යාමේ දී දරුවාට වෙත්තේ තිබූ අනාරක්ෂිත ළිඳ අමතක වී ළිඳට වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවට අච්චුවේලි පොලීසියට තොරතුරු අනාවරනය වෙයි.

දරුවා ළිඳට වැටීමෙන් පසුව නිවසේ නොමැති වීමෙන් දෙමාපියන් හා ප්‍රදේශවාසීන් සෝදිසි කර බැලීමේදී සිසුවා ළිදට වැටී මියගොස් ඇති බව දැක ඇත.

මේ වන විට මිය ගිය පාසල් දරුවාගේ මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)