April 25, 2024

යතුරු පැදියක් හප්පා ගිය මෝටර් රථය නුවර පාරේදී උඩු යටිකුරු වෙයි (VIDEO)

කිරිල්ලවල කන්ද කපපු හන්දියේ සිදු වූ මෝටර් රථ අනතුරකින් තුන්දෙනෙකු තුවාල ලබා එක් අයෙකු රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදි අනතුරක් සිදුකර පලා යමින් සිටි මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසි වී අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවන් දෙදෙනෙක්, පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ එක් කුඩා දරුවෙකු ගමන් කර ඇති බව සඳහන් වේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී අසල තිබූ සීසීටීවී කැමරාවක අනතුර සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 January 2018 09:18