March 29, 2024

ඉන්දීය සුරූපී නිළි දීපිකා රන්වීර් සමඟ උපන්දින සැමරුමට ලංකාවට එයි (PHOTOS)

ඉන්දියාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ආරංචියි. ඒ ඇයගේ ජනවාරි 05 වනදාට යෙදෙන උපන්දිනය සැමරීමටයි.

රන්වීර් පසුගිය බ්‍රහස්පතින්දා ලංකාවට තනිවම පැමිණ ඇති බවත් වාර්තා වේ. විශේෂ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඔවුන් කිමිදීමේ යෙදීමට අදහස් කරන අතර ඔවුන් දෙදෙනා තනිවම වැඩි කාලයක් ගත කිරීමට සැලසුම් කර ඇති බවද ආරංචි වෙයි.

මෙරට බොහෝ දෙනෙකුට ඔවුන් හඳුනා ගැනීමට කිසිම අපහසුවක් නැති අතර එහෙත් ශ්‍රී ලාංකිකයන් අන්‍යන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන බැවින් ඔවුන් දෙදෙනාට ඉතාම සාමකාමිව ඔවුන්ගේ පාඩුවේ තනිවම, හොඳ නිවාඩුවක් ගත කිරීමට මෙරටදී හැකි වෙයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.  

Rate this item
(0 votes)