April 19, 2024

හදිසි අනතුරට ලක්වූ ගායන ශිල්පිනී ජින්ජර්ට හදිසි ශල්‍යකර්මයක්

December 29, 2017

දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය ඊයේ අලුයම (28) දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.ඇයට මේ වන විටත් ශල්‍ය කර්මයක් සිදු කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල නැති බවත් ඇය සුව අතට හැරෙමින් සිටින බවත් සඳහන් වේ.

ඇය රුහුණු සංචාරක කාර්යාංශය සහ දකුණු පළාත් සභාව මගින් සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය සැක කරයි.

එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතෙකුද රියදුරු ගමන් කරමින් සිට ඇත .

අනතුර සිදුවනවාත් සමගම අසල්වාසීන් පැමිණ මහත් පරිශ්‍රමයක් දරා අනතුරට පත් වූ පිරිස මෝටර් රථයෙන් එළියට රැගෙන ත්‍රී රෝද රථ දෙකක් සහ කුඩා බට්ටා වර්ගය ලොරි රථයකින් දෙනියාය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

 

Rate this item
(0 votes)