April 20, 2024

පළමු වරට උසස් පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය හිමි නමකට (PHOTOS)

December 29, 2017

පසුගිය අගෝස්තු මාසයේ පැවැත් වූ උසස් පෙළ විභාගයට රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනෙන් පෙනී සිටි පත්බේරියේ මුනින්දවංශ හිමි කලා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානයට සමත්ව සිටියි. රත්නපුර ගිනිහිරිය විහාරස්ථානයේ මුලික පිරිවෙන් අධ්‍යාපනය ලැබු මුණින්ඳ වංශ හිමියෝ පිරිවෙන් අධ්‍යාපනය අවසන් කර අන තුරුව රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙන් විහාරස්ථානයට ඇතුළත් වුහ.

රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ ආ. පො. ස උසස් පෙළ බුද්ධාගම, සංස්කෘත සහ ඉතිහාසය යන විෂයන් හැදැරූ උන්වහන්සේ 2017 වර්ෂයේ අගොස්තු මාසයේ උසස් පෙළ විභායට පෙනී සිටියහ. රත්නපුර ඇත්ඔය රඹක්කන්ඳ විහාරස්ථානයේ වැඩ වසන පත්බේරියේ මුනින්ඳවංශ හිමියෝ රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙන් විහාරස්ථානයේ කෘත්‍යාධිකාරී ශීලානන්ඳ නා හිමියන්ගේ සහ මොරාවත්ත ශ්‍රී සුමන හිමියන්ගේ අනුශාසනා සහ උපදෙස් මත අධ්‍යාපන කටයුතු කරමින් සිටින අතර සද්ධර්මාලංකාර පිරිවෙනේ ඉතිහාස විෂය ඉගැන්වු ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පිරිවෙන් විහාරස්ථානයේ ඉගෙනුම ලබන සාමාන්‍ය පෙළ, උසස්පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙන්වීමේ කටයුතු නිරතව සිටිති. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 29 December 2017 10:34