March 29, 2024

ලංකාවේ සුපිරි ක්‍රීඩාලෝලියෙකු විරාත් හා අනුෂ්කාගේ විවාහයට සහභාගී වූ හැටි (PHOTOS)

December 27, 2017

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ සහ සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහ උත්සවය ගැන පසුගිය දවස් ටිකේම ලොකු කතාබහක් ඇති වුණා. ඒ උණුසුම තවම පහව ගොස් නැහැ.

ඉතාලියේ මිලානෝ නුවර සුපිරි හෝටලයක පැවති මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වුණේ පවුලේ ඥාතීන් කිහිපදෙනක් විතරයි.

එම මංගල උත්සවයේ දෙවැනි දවස ඊයේ (26) මුම්බායි නුවර සුපිරි හෝටලයක පැවැත්වුණා. මේ සාදයට ශාරුක් ඛාන්, කත්‍රිනා කයිෆ්, අයිෂ්වර්යා රායි, අමිතාබ් බච්චන් වගේ සුපිරි බොලිවුඩ් නළු නිළියන් ගණනාවක්ම සහභාගී වෙලා හිටියා.

මේ අතරේම තවත් විශේෂ දෙයක් අහන්න ලැබුණා. ඒ තමයි මේ සුපිරි විවාහ මංගල්‍යට අපේ රටේ කෙනෙකුත් සහභාගී වෙන්න භාග්‍යය උදාකරගෙන තිබුණා.. ඒ තමයි ගයාන් සේනානායක. ඔහු නමින් හැමෝම දන්න කෙනෙක්. ඕනෙම රටක ක්‍රිකට් තරගයක් තිබුණොත් ඔහු හැමදාම ඒ තරග වලට සහභාගී වෙලා ලංකාවට සහය දක්වනවා. මෙම මංගල උත්සවයට ලංකාවේ කිසිම කෙනෙකුට සහභාගී වෙන්න අවස්ථාවක් නම් ලැබුණේ නැහැ. ඔහු සැබෑම ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකු වූ නිසා ඔහුට මෙම භාග්‍ය උදා වෙන්නට ඇති.

Rate this item
(5 votes)
Last modified on Wednesday, 27 December 2017 10:35