April 16, 2024

යාපනය ලොකු හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය (PHOTOS)

December 26, 2017

ශාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශවයේ උත්තර දිසාවේ ප්‍රධාන සංඝනායක යාපනය ශ්‍රී නාගවිහාරාධිපති අතිපුජ්‍ය මීගහජදුරේ ඥානරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය යාපනය නගර සභා පිටියේදී පැවැත්විණ.

ජාතීන් අතර සමගිය හා සංහිදියාව ඇතිකරලීමට මහත් සේ ඇප කැප වෙමින් කටයුතු කල ඥානරතන හිමිපාණන් වහන්සේ උතුරේ මෙන්ම දකුණේද ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව වැඩි දියුණු කිරීමට මහත් වෙහෙසක් ගනු ලැබීය.

1991 වර්ෂයේ සිට ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙසින් කටයුතු කල පුජ්‍ය මීගහජදුරේ ඥානරතන හිමිපාණන් වහන්සේ යාපනය ලොකු හාමුදුරුවන් ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබුණු අතර උන්වහන්සේ බෞද්ධ භික්ෂුවකගේ සැබෑ වගකීම අවබෝධ කර ගනිමින් එවකට යුධ වාතාවරණය පවතී සමයේද ආරක්ෂක කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාවේ ධෛර්ය වඩවමින් එම නිලධාරීන් හට ඔවුන්ගේ චිත්ත ශක්තිය වැඩිවීමට ගොස් ඔවුන්ට පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද පිරිනමන ලදී.

1967 වර්ෂයේ උපත ලැබූ මහනාහිමියන් වහන්සේ අපවත්වනවිට 50 වැනි වියේ පසුවිය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 December 2017 12:15