April 25, 2024

තවත් සෙල්ෆි මරණ 2ක් - තරුණයන් 2ක් කල්අඩි ඔයට බිලි වෙයි (VIDEO)

December 26, 2017

මුලතිව්, පුදුකුඩුඉරිප්පු කල්ලිඅඩි ඔයේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු පෙරේදා (24) සවස ජිවිතක්ෂයට පත්ව තිබේ.

මිතුරන් පිරිසක් සමඟ කල්ලිඅඩි ඔයේ දිය නෑමට ගිය අදාළ සිසුන් දෙදෙනා දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූප ගැනීමට ඔය මැදට ගොස් ඇති අතර එහිදී වැලි ගැනීමට හෑරූ වළක වැටී ජිවිතක්ෂට පත්ව ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පුදුකුඩිඉරිප්පු ශිවනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක් වන ශිවරාසා බහිදරන් හා තවම් කණිෂ්ටන් නමැති සිසුන් දෙදෙනෙක්.

ගම්වාසීන් සහ පොලීසිය එක්ව ඔය පරික්ෂා කිරීමේදී ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට හැකි වි තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 December 2017 11:32