April 25, 2024

සාපෙළ විභාගය ලියන්න ගිය සිසුවියන් දෙදෙනා බස් රථයකට යටවෙයි (VIDEO)

December 19, 2017

බදුල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙපොල ප්‍රදේශයේ ඊයේ පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියන් දෙදෙනෙකු බරපතල තුවාල සිදු වී ඇත.

බලංගොඩ, ගවරන්හේන විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු මෙලෙස බස් රථයකින්  පැමිණියේ බලංගොඩ ඇල්ලේපොළ මහා විද්‍යාලයේ ස්ථාපිත සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයට යාමටයි.

ඔවුන් විභාග මධ්‍යස්ථානයට යන අතරතුර තම පාසලේ ගුරුවරියක් දැක ඇයට වැද ඇයගෙන් ආශිර්වාද ලබා ගෙන පිටත් වූ සිසුවියන් දෙදෙනාට කහ ඉර මතදී අධික වේගයෙන් පැමිණි බස් රථයක ගැටීමට සිදු වූ අතර එක් සිසුවියක් මේ වන විට බලන්ගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් සිසුවිය රතන්පුර මහ රෝහල වෙත මාරු කර යැවීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත එවා ඇත.

Rate this item
(0 votes)