December 15, 2017

නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා කැබිතිගොල්ලෑවේ සිසුවකුට විභාගය අහිමිවන ලකුණු

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් කැබිතිගොල්ලෑවේ ශිෂ්‍යයෙකුට නිකුත් කොට ඇති ජාතික හැදුනුම්පතේ මූලික තොරතුරු  සඳහන් කිරීමේදී අක්ෂර දෝෂ සහිතව සටහන් කොට තිබීම නිසා එම ශිෂ්‍යයා දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.

කැබිතිගොල්ලෑවේ පදිංචි එම ශිෂ්‍යයා වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේ ඉගෙනුම ලබන අතර ඔහු මෙවර අ.පො.ස  සාමාන්‍ය  පෙළ විභාගයටද පෙනී සිටීමට නියමිතය.

එම සිසුවාගේ ජාතික හැදුනුම්පතේ පදිංචිය කැබිතිගොල්ලෑව වෙනුවට කැබිට්ගොල්ලෑව වශයෙන් සදහන් කොට ඇති අතර අනුරාධපුර යන වචනයද නිලධාරීන්ට නිවැරදිව ලිවීමට නොහැකි වී තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)