December 15, 2017

දැරණියගල ද්විත්ව ඝාතනයක් - දැරියන් දෙදෙනෙකුට තුවාල (VIDEO)

පසුගිය 25 වනදා රාත්‍රියේ දැරණියගල බාලිබොඩ ප්‍රදේශයේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණි.

මීට අමතරව එම කාන්තාවගේ කුඩා දැරියන් දෙදෙනෙකුට තුවාල සිදු කර තිබුණි.

මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ ඇගේ සැමියා නිවසේ සිට නොමැති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මියගිය කාන්තාව සමඟ සබදතාවක් පැවැත්වූ බව කියන එම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කරන බවයි.

මියගිය කාන්තාවගේ නිවසේ සිට මීටර් 60ක් පමණ දුරක තිබී තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කළ තවත් පිරිමි මළ සිරුරක් හමු වීය.

පොලීසිය පැවසුවේ 50 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති අතර ඔහු හා මිය ගිය කාන්තාව අතර සබදතාවක් තිබූ බවට හෙළි වී ඇත.

ඔවුන් දෙදෙනා පසුගියදා (25) රාත්‍රියේ අදාළ කාන්තාවගේ නිවසේ සිටින අවස්ථාවේ එහි පැමිණ ඇති 27 හැවිරිදි තරුණයා මෙම ද්විත්ව ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

දැරණියගල ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට  අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(27) උදැසන 05.30ට පමණ දැරණියගල, මාලිබොඩ ප්‍රදේශයේ පුද්ගලික වතු සමාගමකට අයත් වත්තක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි මාලිබොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

 

 

Rate this item
(0 votes)