April 19, 2024

කොළඹ නගරයේ “කොන්ඩම්“ යන්ත්‍ර සවි කරයි

November 24, 2017

උපත් පාලන කොපු පහසුවෙන් ලබා ගැනීමට හැකි යන්ත්‍ර සවිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ යන්ත්‍ර (condom vending machine) ප්‍රදේශ රැසක සවි කිරීමට නියමිත බවත් එහි පළමු පියවර වශයෙන් කොළඹ බුලර්ස් පටුමග අසළ මෙම යන්ත්‍රයක් සවිකර ඇති බවත් වාර්තා වේ.

තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැබෙන PIN අංකය යන්ත්‍රයට ඇතුළත් කිරීමෙන් මෙමගින් උපත් පාලන කොපු ලබා ගැනීමට හැකිවන බවත් එක් පැකට්ටුවක් සඳහා දුරකථන බිළට රුපියල් 50ක් එක් වන අතර මාසික දුරකථන බිල්පතේ එය මිලදී ගත් භාණ්ඩය හෝ අදාළ කරුණ සඳහන් කිරීමකින් තොරව දැක්වෙනු ඇති බවත් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසයි.

මෙවැනි යන්ත්‍ර විදෙස් රටවල බහුලව දක්නට ලැබේ. මේ අතර ඉන්දියාවේ සෞඛ්‍ය ආරක්ෂණ පදනමක් තුන්වන පුද්ගලයෙකු මැදිහත් නොවී උපත් පාලන කොපු මිලට ගැනීමේ ක්‍රමයක් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කෙරේ.

ඔන්ලයින් කොන්ඩම් සාප්පුවක් ලෙස එය හඳුන්වා ඇති අතර එය ඉන්දියාව පුරාම දියත් කර තිබේ.

නොමිලයේ ලබා දෙන දුරකථන අංකයට ඇමතුමක් ලබා දීම හෝ එය ක්‍රියාත්මක කරන ආයතනය වෙත ඊමේල් පණිවුඩයක් යැවීමෙන් මෙය ක්‍රියාත්ම කරවා ගත හැකියි.

ලොව ඇතැම් විශ්වවිද්‍යාලවල පවා මෙවැනි condom vending machine සවි කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 November 2017 10:11