March 29, 2024

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කරයි (PHOTOS)

November 23, 2017

නාසා ආයතනය මගින් අභ්‍යවකාශයේ තොරතුරු ලබා ගැනීම සහ පරික්‍ෂණ කටයුතු සදහා අභ්‍යවකාශයේ කක්‍ෂගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඊයේ (23) පස්වරු 6.25ට ශ්‍රී ලංකාව හරහා ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කරනු ලැබු බව වාර්තා වේ.

ශ්‍රී පාද කදුවැටියට ඉහළින් ගමන් කළ එම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අධික වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරන ආකාරයක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් විය.

විනාඩි පහක් පමණ ඉහළ අහසේ දිස් වු මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල රටවල් කිහිපයක ගගන ගාමින්, විද්‍යාඥයන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එය තුල රැදි සිටින බව නාසා ආයතනයේ වෙබි අඩවිය පවසයි.

ශ්‍රී ලංකාව හරහා මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් කළ පළමු අවස්ථාව මෙය බවත්  පැවසේ.

Rate this item
(0 votes)