April 25, 2024

සෙල්ලම් කිරීමට ගිය වරදට දස හැවිරිදි දරුවාට දෙමව්පියන් දුන් අමානුෂික දඬුවම (VIDEO)

November 16, 2017

දෙමව්පියන් දරුවන්ට අපමණ ලෙස ආදරය කරති.නමුත් මේ කතාව තරමක් වෙනස් තම දරුවා සෙල්ලම් කිරීමට ගිය බව දැනගත් මව පියා සමඟ එක්ව මේ දරුවාට අමානුෂික දඬුවමක් ලබා දී ඇත.

මේ පිළිබඳව වාර්තා වන්නේ මිනුවන්ගොඩ, කෝපිවත්ත ප්‍රදේශයෙනි.මෙම අමානුෂික දඬුවම ලබා ඇත්තේ දස හැවිරිදි මහමුදු සදුර්දීන් නැමැති දරුවෙකි.

සෙල්ලම් කිරීමට යාම නිසා ඊට උරණ වූ මව්පියන් විසින් මෙම දරුවාගේ අත්පා යකඩ හඬකින් පුළුස්සා තිබෙන අතර මෙය දින කිහිපයකට පෙර සිදු වූවත් මේ පිළිබඳව ප්‍රදේශවාසීන් පොලීසියට තොරතුරු ලබා දී ඇත්තේ ඊයේ (15) දිනයේදීය.

ඒ අනුව සදුර්දීන් පොලිස් භාරයට ගෙන ඇති අතර දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු මිගමුව මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

මෙම සිද්දියට සැකකාර මව හා පියා මිනුවන්ගොඩ පොලීසිය විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)