April 24, 2024

රිමාන්ඩ් භාරයේ සිටින බුද්ධි අංශ නිලධාරියෙකුගේ නැන්දණිය සියදිවි හානි කර ගනී

November 15, 2017

මාස 9කට අසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාවික හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

ගිරිඋල්ල, මනහරගම, තලගහමුල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ආර්.පී.මේරි නැමැති මෙම කාන්තාව පෙරේදා (13) මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා නිළධාරීන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කොළඹදී තරුණයින් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාව මතයි.

මීට අදාළ නඩුව නොවැම්බර් 10 වනදාට යෙදී තිබූ අතර මහේස්ත්‍රාත්වරයා නොමැතිවීම හේතුවෙන් එය දෙසැම්බර් 7 වනදා දක්වා කල් ගොස් තිබෙන බව වාර්තා වේ.

අවස්ථා කිහිපයකදීම අධිකරණයෙන් ඇප අයදුම් කළද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වය හේතුවෙන් ඇප ලබා දීම සිදු නොකළ බව අදාළ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ නීතිඥවරයා සඳහන් කළේය.

තමන් සහ දරුවන් දෙදෙනා ආර්ථික දුෂ්කරතා මැද ජිවත් වන හෙයින් නඩු වාරයේදී සැමියා හට ඇප හිමි වනු ඇති බවට තම මව දැඩි ලෙස විශ්වාස තැබූ බව ඇයගේ බිරිඳ පවසයි.

 

Rate this item
(0 votes)