April 19, 2024

අවුරුදු 10ක කුඩා දැරියගේ ගෙළවැළලා ගැනීම අභිරහසක්ද?

November 14, 2017

බලංගොඩ, රන්දොළවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 10ක දැරියක ගෙල වැලලාගෙන මිය ගිය පුවතක් වාර්තා විය.මෙලෙස මියගොස් ඇත්තේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෆාතිමා රිෂ්නා  නම් කුඩා දැරියක් බව පවසයි.

එම අවස්ථාවේ දැරියගේ මව නිවසේ සිට නොමැති බව වාර්තා වෙයි.පසුදින පාසල් යාම සඳහා අකමැත්ත ප්‍රකාශ කර ඇති දැරියට තම මව විසින් පාසල් යා යුතු බවට බල කර ඇති අතර ඇය අසල නිවසකට ගොස් ඇත්තේ හෙට දිනයේ පාසල් යාමට අවශ්‍ය දෑ සකසා ගන්නා ලෙස දැරියට උපදෙස් දෙමිනි.

කෙසේ වෙතත්  නැවත නිවසට පැමිණි මව විසින් දියණිය පිළිබඳව සොයා බලා ඇති අතර එවිට ඇය ගෙල වැලලාගෙන සිටිනු දැක ඇති බව සඳහන්ය.

අදාළ සිදුවීමෙන් පසුව මවගේ කෑ ගැසීමට අසල්වාසීන් පැමිණ දැරිය බලංගොඩ රෝහලට රැගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත් ඒ වන විට දැරිය මිය ගොස් සිට ඇති අතර  ඊයේ (13) පස්වරු 5.45ට පමණ අදාළ සිදුවීම සිදු වී ඇත.ළිදේ වතුර ඇදීම සඳහා භාවිතා කළ ලණුවක ආධාරයෙන් අදාළ දැරිය ගෙල වැලලාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.‍

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) දිනයේ සිදු කර ඇති අතර එහිදී මේ මරණය සියදිවි නසා ගැනීමක් බවට නිඟමනය කර තිබේ.

සිද්ධිය පිළිබඳව බලංගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර කෙසේ වෙතත් මෙය ගෙල වැලලාගැනීමක් ද එසේත් නොමැති නම් වෙනත් අපරාධයක් ද යන්න ගැටළුකි.

 

Rate this item
(0 votes)