March 28, 2024

තරුණයෙකු යටකරගෙන මෝටර්රථයක් කොස්ගම ආපන ශාලාවකට කඩාවදී (CCTV දර්ශන)

November 14, 2017

කොස්ගම, කනන්පැල්ල මංසන්ධියේ සිදු වූ අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම පරණගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි මදුශ කවීශ නැමැති තරුණයෙකි.

පසුගිය 12 වනදා පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.

මොහු පුද්ගලික ආයතනයක සේවය කරන බවත් පූගොඩ පුහුණු පාඨමාලාවකට ගොස් පැමිණෙන අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇති බවත් සඳහන් වේ.

වේගයෙන් පැමිණි මෝටර් රථයක තරුණයා ගැටී ඇති අතර මෝටර් රථය සමඟ ඔහු තවත් ඉදිරියට ඇදී ගොස් අසල වූ ආපන ශාලාවක බිත්තියක ගැටී තිබිණි.

මෝටර් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අන් අනතුර සිදුව ඇති අතර ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Rate this item
(0 votes)