April 25, 2024

දස හැවිරිදි මොහොමඩ් අරණායකදී පැවිදි බිමට

November 13, 2017

අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ වයස අවුරුදු 10 ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉස්ලාම් දරුවකු සසුන් ගත විමේ පුවත් පසුගිය දිනක අරණායකින් වාර්තා වුණා.

මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහ විහාරස්ථානයේදී පැවිදි දිවියට ඇතුළු වූ  ගිහි කල මොහොමඩ් ඉසඩ්. සමීර් සුවෙර් නම් වූ මේ හිමි නම දැන් හදුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති යන නාමයෙනි. 

මුන්වහන්සේගේ මව චිත්‍රා ශ්‍රිමති චලිවර් (36) වන අතර  පියා මොහොමඩ් ඉසඩ් සුවෙර් (33) නම් ඉස්ලාම් භක්තියකයන් වේ.

මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහා  විහාරාධිපති පුවක් මොටේ ධම්ම රතන නාහිමියන් මෙම පැවිද්ද පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“මේ පැවිදි වෙලා  ඉන්න හිමියන් ළමෙයෙක් විදිහට කැඳවාගෙන ආවේ මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන්.උන්වහන්සේ දවසක් මගෙන් ඇහුවා අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්නට කියලා.මට මතක විදිහට 2017 ජුනි මාස දරුවා එක්කගෙන ඇවිත් අරණායක පොල්අඹේගොඩ පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළා.දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස් වල පටන්ම මහන වෙන්න ඕන කිව්වා.ඉස්ලාම් දරුවෙකු නිසාත් මේ සඳහා මවුපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණ වීමට අවශ්‍ය නැති බව අපි මේ දරුවට කොතරම් කිව්වත් ඔහු නිතරම මහන වෙන්න ඕන කිව්වා.”

"මට ලොකු හාමුදුරුවෝ වගේ සිවුරු පොරවාගෙන ඉන්න ඕනෑ. පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ දැක්කාමත් මට මහණ වෙන්න හිතෙනවා.මට  බණ කියන්න ඔනෑ,දානේ පන්සලට ගෙනත් දෙන අයට පිං වාක්‍යය කියන්න ඕනෑ, මට පිරිත් කියන්න ඔනෑ ඒ නිසා මාව පැවිදි කරවන්න." කියලා නිතර මට ඇවිටිලා කළා.

මේ  කැමැත්ත නිසාම අවසානයේ දරුවා පැවැදි කරන්නට තීරණය කළා. 

මේ  මහණ පිංකමට පොඩි හාමුදුරුවන්ගේ මව ආවට පියා ආවේ නෑ. ඒ දින වල ඔහු අසනීප තත්වයේ හිටියා කියලා දැන ගන්න ලැබුණා.ඒ වගේම මේ පිංකමට පොඩි හාමුදුරුවන්ගේ කිසිම ඥාතියෙක් සහභාගි වුනෙත් නෑ.

Rate this item
(0 votes)