April 20, 2024

අභිරහස් ලෙස මිය ගිය මවගේ දේහය සමඟ දින 2ක් ගත කළ දියණියට සිදු වූ දේ (VIDEO)

November 10, 2017

වයස අවුරුදු 22ක් වන තරුණ එක්දරු මවක් සිය නිවස තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී සොයාගෙන ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පාගම- ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචි විමුශිකා දිල්හානි නම් කාන්තාවකි. ඇය වයස අවුරුදු 1 හමාරක දියණියගේ මවකි.

මිය ගිය කාන්තාවගේ සැමියා ධීවර රැකියාවේ නියැලෙන අතර පසුගිය නොවැම්බර් 1 වන දා ගාල්ල ධීවර තොටුපලින් බහුදින යාත්‍රාවක මුහුදු ගොස් තිබේ.ස්වාමියා ද නිවසේ නැති බැවින් එම කාන්තාව සිය මවගේ මහ ගෙදරට ගොස්  දින කිහිපයක් එහි නැවතී හිද පසුගිය 7 වන දින සවස 6.00 ට පමණ  තමා පදිංචි නිවසට පැමිණ තිබේ.ඒ බව ඇය දුරකථනයෙන් සිය මවට පවසා ඇත.

ඉන්පසු ඉකුත්  8 වන දා හා 9 වන දා යන දෙදින තුළ ඇයගෙන් කිසිදු දුරකථන ඇමැතුමක් නොලද නිසා ඇයගේ මව පසුගිය 9 වන දා සවස 4.30 පමණ ඇය පදිංචි නිවෙසට පැමිණ තිබේ.වසා තිබෙන දොර ඇරගෙන නිවස තුළට ගොස් බලන විට සිඟිති දියනිය මිය ගිය කාන්තාව අසළ ඇඳ මත සිටින අයුරු දක්නට ලැබී ඇත.

මේ බව අම්බලන්ගොඩ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය එම ස්ථානයට පැමිණ වැඩිදුර පරීක්ෂණ සිදු කර තිබේ. මිය ගිය කතගේ නහයෙන් ලේ වහනය වී තිබී ඇති අතර වෙනත් කිසිදු බාහිර තැලීමක් හෝ සීරීමක් සිරුරේ තිබී නැත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය  පැවැත්වීමෙන් අනතුරුව මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මුලික රෝහලට මෘත ශරීරය බාර දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 November 2017 14:22