April 20, 2024

පෙම් හබයක් නිසා ප්‍රසිද්ධ බාලිකා පාසලක සිසුවියන් සිව්දෙනෙකු සිසුවෙකුට කළ දේ

November 03, 2017

සබරගමුව පළාතේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ශිෂ්‍යාවන් සිව්දෙනෙකු තමාට මරණ තර්ජන සිදු කළ බවට එම ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකු පොලීසියට පැමිණිලි කර තිබේ.

එම ශිෂ්‍යයා මිට මාස කිහිපයකට පෙර අදාළ ශිෂ්‍යාවන් සිව්දෙනාගේ මිතුරියක සමඟින් පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

නමුත් පසුගිය දිනක යම්කිසි හේතුවක් නිසා ඔවුන් දෙදෙනා අමනාප වී තිබෙනවා.මේ හේතුවෙන් සිත් තැවුලට පත් ශිෂ්‍යයාව දින කිහිපයක් පාසල් ගොස් නැත.

ඒ පිළිබඳව සොයා බැලූ ඇයගේ මිතුරියන් මෙම ගැටළුව විසඳා ගැනීමට එම ශිෂ්‍යාගේ නිවස සොයාගෙන එහි ගොස් තිබේ.ඔවුන් එහිදී ප්‍රේම සම්බන්ධය නැවත ගොඩ නඟා ගත යුතු බවට ශිෂ්‍යාට තර්ජනය කර ඇත.

එසේ නොකළහොත් තරුණයින් පිරිසක් යොදවා ඔහුට පහර දී ඝාතනය කරන බවටත් ප්‍රකාශ කර ඇත.

පසුව මෙම සිසුවා විසින් කෑගල්ල පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබිණි.පැමිණිල්ල මත පොලීසිය විසින් අදාළ සිසුන් පිරිස කැඳවා සිද්ධිය සමතයකට පත් කළ බව සඳහන් කළේය.

Rate this item
(0 votes)