April 23, 2024

සුරූපී ක්‍රිකට් නිලධාරිනියට අයුතු යෝජනාවක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කාට වැඩ වරදී

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ නිලධාරියෙකු තමන්ට යුතු යෝජනාවක් කළ බව ඩුබායිහි ජිවත්වන මුනාසා ජිලානි නැමැති ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියක් චෝදනා කරනු ඇත.

ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන්ගෙන් අයෙකු රටේ කීර්තිනාමයට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට හානිවන කටයුත්තක් සිදුකර ඇති බව සමාජජාල වල වාර්තා වේ.මේ පිළිබඳව අනාවරණය කර ඇත්තේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි තරඟාවලියේ කටයුතු වෙනුවෙන් රාජකාරියේ යෙදුණු කාන්තාවක් විසිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියා විසින් අදාල විදෙස් කාන්තාවට අයුතු යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඔහු සමඟින් රැයක් ගතකරන්නට එන ලෙස ඇයගේ ජංගම දුරකථනයට පණිවුඩයක් යවමින්ය. කෙසේ නමුත් ඇය විසින් එය ප්‍රතික්ෂේක කොට ඇති අතර අදලා සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ට්විටර් ගිණුමේද සඳහන් කිරීමට ඇය කටයුතු කර තිබේ.

එමෙන්ම එහි වැඩිදුරටත් විස්තර සඳහන් කර ඇති ඇය පවසන්නේ තමන් නුදුරේදීම ඔහුගේ නමද අනාවරණය කිරීමට කටයුතු කරන බවයි.

 

Rate this item
(0 votes)