April 25, 2024

වැවක දිය නාමින් සිටි තරුණයෙකු හදිසි රෝගයකින් දියේ ගිලී මියයයි (PHOTOS)

වව්නියාව ඊච්චන්කුලම් මරවන්කුලම් ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටි පුද්ගලයෙකුට වලිප්පු රෝගය සෑදිමෙන් දියෙහි ගිලී එම පුද්ගලයා මිය ගොස් ඇති බවට ඊච්චන්කුලම් පොලීසිය කියා සිටියේය.

මරවන්කුලම් කල්මඩු වැවෙහි 22 දා සවස දිය නෑම ගොස් ඇති මෙම පුද්ගලයාට දිය නාමින් සිටි අවස්ථාවේදී වලිප්පුව සෑදි ඇති අතර වලිප්පුව ඇතිවන අවස්ථාවේදී අසල කිසිවෙකුත් නොසිටීම නිසා එම පුද්ගලයාට ජලය පෙවීමෙන් මිය ගොස් ඇති බවට පොලිස් මූලික පරික්ෂණ වලින් හෙලි වී ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ මරවන්කුලම් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි නඩරාසා චන්ද්‍රකුමාර් නැමති පුද්ගලයෙකු වෙයි.වලිප්පු රෝගය සෑදී ජලය පෙවීමෙන් දිය නාන ලද ස්ථානයේ සිරුරක් දැක දිය නෑමට පැමිණි පුද්ගලයෙකු මේ පිළිබඳව ඊච්චන්කුලම් පොලීසියට දැනුම් දී ඇති අතර පොලීසිය එන විටත් අදාල පුද්ගලයා මිය ගොස් සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Monday, 23 October 2017 13:39