March 29, 2024

දීපවාලි සමරන්න ගිය උසස් පෙළ සිසුවෙකු අතුරුදන් - එක් අයෙක් සොයා ගැනේ (PHOTOS)

දීපවාලිය නිමිත්තෙන් මුලතිව් මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ සිසුන් දෙදෙනෙක් ඊයේ (18) මුහුදේ ගිලීමෙන් තවමත් අතුරුදහන්ව ඇති බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

මුලතිව් පොලීසිය අසල පදිංචි උසස්පෙළ සිසුන් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ සවස 3.ට පමණ මුලතිව් මුහුදේ දිය නාමින් විනෝද වී ඇති අතර එක් වරම ආ රළ පහරකට හසුව සිසුන් දෙදෙනෙකු අතුරුදහන්ව ගිය බවට ඉතිරි වූ සිසුන් මුලතිව් පොලීසියට කියා ඇත.

සිසුන් දෙදෙනා අතුරුදහන් වීමත් සමග ඉතිරි සිසුන් පස්දෙනා මුහුදු වෙරලට දිව විත් අසල පිරිසට යහලුවන් දෙදෙනාගේ අතුරුදහන් වීම පිළිබඳව පැවසීමෙන් පසුව ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ මුලතිව් මනල්කුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි ශිලාවතුර මහ විද්‍යාලයේ උසස් පෙල හදාරන 18 හැවිරිදි ඇන්ටන් දිනෝෂණ් හා එම ප්‍රදේශයේම පදිංචි මුලතිව් මහා විද්‍යාලයේ උසස්

මුලතිව් මුහුදේ දියනෑමට ගොස් අතුරුදහන් වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුර 18 දා සවස් වන විට සොයාගෙන තිබේ.නමුත් අනෙක් සිසුවාගේ මළ සිරුර තවමත් සොයාගැනීමට නොහැකි වී ඇත්තේ එම මළ සිරුර ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් තිබීම හේතුවෙනි.

මළ සිරුර හමුවී ඇත්තේ 17 හැවිරිදි ක්ලෝඩ් විනෝසන් නැමති ශිෂ්‍යයාගේ වන අතර ඔහු මුලතිවු විද්‍යාලයේ ඉගෙනුම ලබන මුලතිව් මාන්කුඩි ඉරිප්පු ගම්ම්නානයේ පදිංචි කරුවෙකි.

තවමත් අතුරුදන් වී සිටින ඇන්ටන් අමල් රාජ් නැමැත්තා මුලතිව් පළාතේ පදිංචි අයෙකු වන අතර ඔහු හලාවත ප්‍රදේශයේ දෙමළ විදුහලක අධ්‍යාපනය හදාරයි.

(වන්නි රොමේෂ් මදුසංක / දිනසේන රතුගමගේ )

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 October 2017 11:03