March 29, 2024

“රැන්සම්වෙයාර්“ ස්මාර්ට් දුරකථනවලට බලපෑම් - ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!

ශ්‍රී ලංකාවේ භාවිත කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද රැන්සම්වෙයාර් (Ransomware) බලපෑම් කළහැකි බව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය සඳහන් කරන්නේ “රැන්සම්වෙයාර්“ පරිගණකයේ හෝ ඕනෑම ජංගම උපාංගයක දත්ත වෙත පිවිසීමට පරිශීලකයින්ට බාධා ඇති කරන මෘදුකාංගයක් බව අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව විශේෂ ඉල්ලීමක් කරමින් ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් විශේෂ අවදානයකින් පසුවන ලෙසයි.

රැන්සම්වෙයාර් පරිගණක වෛරසය මේ වනවිට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති අතර ඒ පිලිබඳව සුවිශේෂ අවධානයක් යොමුව තිබේ.

අදාළ රැන්සම්වෙයාර් පරිගණක වෛරසය හේතුවෙන් පරිගණක රැසක් සයිබර් ප්‍රහාරයන්ට ලක්වූ අතර එමගින් කප්පම් ඉල්ලීමේ සිදුවීම් පිළිබඳව ද පසුගියදිනවල වාර්තා විය.

ඒ අනුව බ්‍රිතාන්‍ය, ඇමරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් රැසක පරිඝණක මෙලෙස විවිධ අවස්ථා වල සයිබර් ප්‍රහාරයන්ට ගොදුරු විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 October 2017 11:22