March 29, 2024

දඩයම්කරුවන්ගෙන් දිවි බේරා ගැනීමට කාසල්රි ජලාශයට පැන්න වැලි මුවාට වූ දේ (PHOTOS)

කාසල්රි ජලාශය අවට රක්‍ෂිතයේ සැරිසරන වැලි මුවෙකු කාසල්රි ජලාශය හරහා වේගයෙන් පිනා යන දර්ශනයක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වුණා.

කාසල්රි ජලාශයේ ඩන්කන් වත්ත රක්‍ෂිත ප‍්‍රදේශයේ සිට හැටන් නෝටන්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගය දක්වා ජලාශයේ හරහා මිටර් එක්දහස් දෙසිය පනහක් පමණ ගැඹුරු ජලයේ වේගයෙන් පිනා යන අකාරයක් ඊයේ (17) දක්නට ලැබුණේ.

එම ජලාශයේ ධිවරයන් පවසන්නේ ජලාශය අවට දඩයම්කරුවන්ගෙන් සහ සුනඛයන්ගෙන් බේරිම සදහා නිතර නිතර මෙම වැලි මුවන් ජලාශය හරහා පිනා ජිවිතය බේරා ගන්නා බවයි.

ඇතැම් අවස්ථාවල ජලාශය තුලදිම මෙම වැලිමුවන් අල්ලා මස් පිණීස අලෙවි කිරිමේ ජාවාරමක්ද කි‍්‍රයාත්මක වන බව එම ජලාශයේ ධිවරයන් පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 October 2017 14:03