April 16, 2024

අතුරුදන් වූ තරුණියන් තිදෙනාගෙන් දෙදෙනෙක් පොලීසියට භාරවෙයි (VIDEO)

කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ තරුණියන් තිදෙනා අතුරින් අවුරුදු 19ක් වයසැති තරුණ මව හා අවුරුදු 15ක් වයසැති පාසල් වයසේ දැරිය පොලීසියට බාර වී තිබේ.

දින 4ක සිට අතුරුදන්ව සිටි මෙම තරුණියන් අතරින් අවුරුදු 14ක පාසල් වයසේ දැරිය තවමත් අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම තිදෙනා පසුගිය සෙනසුරාදා පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණේ ඇදුම් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ තරුණිය සොයා අදාළ පොලිස් පරීක්ෂණ වැල්ලම්පිටිය පොලීසිය මඟින්  ආරම්භ කර ඇති බවයි.

පසුගියදා දහවල් 2.30 ට පමණ අසල්වැසියන් වන මෙම තිදෙනා ඇඳුම් ගැනීම සඳහා නිවසින් පිටවී ඇති බවත් ඉන් අනතුරුව ඔවුන්ගෙන් තොරතුරක් නොවූ බවත් දෙමාපියන් පවසයි.

කෙසේවෙතත් පෙරේදා (16) උදෑසන යෂන්ති මදුෂානි පෙරේරා නමැති අයගේ සහෝදරයෙකුගේ දුරකතනයකට ඇය ඇමතුමක් ලබා දී තිබෙනවා.

ඇමතුම ලබා දෙමින් යෂන්ති සහෝදරයාට කියා තිබෙන්නේ මෙම දුරකථන අංකයට යළි ඇමතුමක් නොදෙන ලෙසයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 October 2017 12:33