April 19, 2024

පියාට ලබා දුන් දරුවා ඉල්ලා මිත්තනිය මහ පාරේ සිහි නැතුව ඇඳ වැටෙයි - හැඩු කඳුලින් දරුවා මිත්තනිය සොයා දුවයයි (VIDEO)

මිත්තනිය සමඟ ජිවත් වූ පුංචි දරුවෙකු එම මිත්තනියගෙන් වෙන් කර පියාට දීමට ගත උත්සහයක් නිසා වැල්ලවාය පොලීසිය ඉදිරිපිට ඊයේ (11) යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

පියා පොලීසියට පවසා ඇත්තේ සිය බිරිඳ තමන් අතහැර ගොස් සිටින නිසා ඇගේ මව වන දරුවාගේ මිත්තනිය සමඟ හැදෙන දරුවා තමන්ට අවශ්‍ය බවයි.

මිත්තනිය පවසන්නේ සිය දියණිය ඇගේ සැමියා දමා වෙනත් පුරුෂයෙකු හා නොගිය බවත් සැමියා හා සිටීමට නොහැකි නිසා වෙනත් තැනක ඇඟලුම් කම්හලක රැකියාවට ගොස් සිටින බවයි.

කෙසේවෙතත් ප්‍රශ්නය සමඟ මිත්තනිය, දරුවා, දරුවාගේ පියා පෙරේදා (10) වැල්ලවාය පොලීසියට පැමිණියා.

එහිදී දරුවා පියාට දීමට පොලීසිය ක්‍රියා කලැයි මිත්තනිය පොලීසිය ඉදිරිපිට විරෝධය දක්වමින් හඬා වැලපී බිම ඇද වැටී ඇත.එම දරුවා තම මිත්තනිය ඉල්ලා හඬා වැලපෙන අයුරුත් දැක ගත හැකි වේ.එම අවස්ථාවේදී මිත්තනියට එම දරුවා භාර දෙන අයුරුද දැක ගත හැකි විය.

Rate this item
(0 votes)