April 25, 2024

අඟහිගකම් මැද ජිවත් වූ පුංචි දියණියට ජනපතිගෙන් ආරාධනයක් (PHOTOS)

ගලේවෙල පහල දිග්ගල ප්‍රාථමික විදුහලේ මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දුලංජලි මදුමාලි ප්‍රේමරත්න දියණියගේ දුක්මුසු පුවත ජන මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ඇය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැක වහාම ක්‍රියාත්මක වන පරිදි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති අරමුදලෙන් එම දියණිය ට උසස් පෙළ දක්වා අධ්‍යාපනය සඳහා ආධාර මුදල් ලබා දෙන ලෙස නියෝග කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

වකුගඩු නිවාරණ ජනාධිපති අරමුදලේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා කියා සිටියේ 09 දින උදේ ජනමාධ්‍ය මගින් මෙම දැරියගේ පුවත දුටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා වෙත දුරකථනයෙන් කතා කොට වකුගඩු රෝගයෙන් මියගිය දියණියගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් උසස් අධ්‍යාපනය අවසන්වන තුරු ඇයට අවශ්‍යය අධ්‍යාපන වියදම් අරමුදල මගින් කරන ලෙසත් දැනුම් දුන් බවය.

එමෙන්ම ගඩොල් කපා ජීවත්වන මෙම දැරියගේ මවත් දැරියත් විදුහල්පතිවරයාත් ම පුවත හෙළි කළ ප්‍රාදේශීය මාධ්‍යවේදියාත් ජනාධිපති මැදුරට ගෙන්වන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව සඳහන් කළේය.

ඒ අනුව මෙම දරුවා පිළිබදවත් එම පවුල පිළිබඳ වත් විශේෂ වාර්තාවක් තමන් 9 දින විදුහල්පතිවරයාගෙන් ලබාගෙන ජනාධිපතිවරයාට ලබා දීමට නියමිත බවද හෙතෙම සඳහන් කෙළේය.

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් ප හල දිග්ගල ප්‍රාථමික විදුහල දුලාංජලී දියණිය ලකුණු 168 ක් ලබාගෙන පාසල් ඉතිහාසයේ වසර 45 ක් තුළ  ශිෂ්‍යත්ව  විභාගය සමත් වූ එකම 5 සිසුවා බවට වාර්තා පොතකට එකතු වන බවත් මෙම සිසුවියගේ පියා මීට වසර දෙකකට ඉහත දී වකුගඩු රෝගය වැළඳීමෙන් මිය ගිය බවත් ඇයගේ මව ගීතිකා ලක්මාලි මහත්මිය කුලියට රුපියල් එකයි ශත 25 ක මුදලකට ගඩොල් කපා මෙම දියණියත් පුතණුවනුත් ජීවත් කරවයි.එම පවුලට තවමත් ජීවත්වීම සඳහා නිවසක් හෝ නොමැතිව වෙනත් අයකුගේ නිවහනක ජීවත්වන බවද සඳහන් වේ.

මෙම පුවත පිලිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීම පිළිබදව විද්‍යාලයේ විදුහල්පති සෝමසිරි අත්තනවත්ත මහතා ඇතුළු ගුරු මණ්ඩලයම ඉමහත් සතුටට පත් වූ බව සඳහන් කළේ ය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 October 2017 10:38