April 25, 2024

දෙවන හදවත් බද්ධයට ලක්වූ තරුණිය මියයයි (VIDEO)

මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ  තරුණිය සැත්කමෙන් දින තුනකට පසු  හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
 
හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගයකින් පෙළුණු ඇය පසුගිය මාර්තු මස 27 දින සිට මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ වාට්ටු අංක 78 ප්‍රතිකර ලබමින් සිටියාය. ඇයට පසුගිය 20 වන දින හදවතක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණද එය වැලකී ගියේය.
 
ඉන් අනතුරුව පසුගිය 27  දින අලුයම ඇයට හදවතක් බද්ධ කළ අතර සැත්කම සාර්ථක බව වෛද්‍යවරුන් තරුණියගේ පියාට පවසා තිබිණි.හදවත් ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගය සුව කිරීම සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය හදවතක් බද්ධ කිරීම බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි.
 
පෙනහළුවල රුධිර පීඩනය වැඩිවීමෙන් හෘදය අකර්මණ්‍ය වීම මරණයට හේතුව ලෙස මරණ සහතිකයේ දක්වා තිබෙන බව සෙව්වන්දිගේ පියා වන මහේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)
Last modified on Monday, 02 October 2017 11:00