April 25, 2024

විද්‍යා දැරිය එනතුරු තවමත් මඟ බලා සිටින බලු පැටියා

September 30, 2017

ඝාතනයට ලක්වු යාපනය පුන්කුඩතිව් ශිවලෝගනාදන් විද්‍යා දැරිය ආදරෙන් ඇති දැඩි කළ බලු පැටියා තවමත් විද්‍යා එනතෙක් මග බලාගෙන සිටින බව විද්‍යාගේ මව ශිවලෝගනාදන් සරස්වතී පැවැසීය.

විද්‍යාගේ නඩු තීන්දුවෙන් අනතුරුව නිවසට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව පවසන අතර විද්‍යාගේ ඥාතීන් විද්‍යාගේ ජායාරූපයක් බලු පැටියාට පෙන්වු අවස්ථාවේදී බලු පැටියා ඉතා සතුටින් ඉපිළ ගිය ආකාරයක්ද දක්නට ලැබිණ.

විද්‍යාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදීද මෙම බලු පැටියා විද්‍යාගේ සොහොන් ගැබට ආචාර කිරීමට පැමිණි බවද විද්‍යාගේ මළ සිරුර පුන්කුඩතිව්හි කැලෑවක තිබු අවස්ථාවේදී මුලින්ම විද්‍යා දැරියගේ සපත්තුවක් මුඛයෙන් රැගෙන විද්‍යාගේ සොහොයුරා ඉදිරියට පැමිණි බවටත් පසුව සොහොයුරා විසින් බලුපැටියා සමග විද්‍යා දැරියගේ මළ සිරුර දෙසට දිව ගිය බවද සඳහන් වේ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)